Blog



ක්ලියෝපැට්‍රා යනු තම රාජ්‍යත්වය තහවුරු කරනු වස් උපක්‍රමශීලීව රෝම පාලක සීසර්ව වසඟ කරගත් ඔහුගේ බිරියකි. මාක් ඇන්තනී ජුලියස් සීසර්ගේ අනුගාමිකයෙක් විය. සීසර්ගේ අභාවයෙන් අනතුරුව රෝම පාලනයට හවුල් වූ ඇන්තනී, සීසර්ගේ මරණින් පසු ගෙවූ කල පිළිබඳ විමසීමට ක්ලියෝපැට්‍රාව තුර්කි ටාර්සුස් වරායට කැඳවනු කල්හි ඇය පැමිණියේ රිදී පැහැ හබල්වලින් හා දම් පැහැ රුවල්වලින් යුත් ‍රන්පැහැ ගැන්වූ නෞකාවක නැගී අයිසිස් දෙවඟන මෙන් සැරසී ය. තමා ග්‍රීක දෙව් ඩියෝනිසස්ගේ ප්‍රතිරූපය යැයි විශ්වාස කළ ඇන්තනී එකණෙහිම ඇයට වසඟ වූ බැව් පැවසේ. ඔවුනගේ සම්බන්ධයෙන් දරුවන් තිදෙනකු බිහිවූ බව සඳහන් වන අතර ඇන්තනී හා ක්ලියෝපැට්‍රා අතර වූ බැඳීම කෙතරම් ශක්තිමත් ද කිවහොත් වරක ඇන්තනී යුධමය වශයෙන් පරාජය වී ආපසු පැමිණෙද්දී ඔහු නැවත රෝමයට නොගොස් ක්ලියෝපැට්‍රා වෙත පැමිණෙන්නේ ඇය ඔහුට කදිම අස්වැසිල්ලක් වූ නිසා විය හැක. අවසන දෙදෙනාටම තම දිවිසැරි නිමකරන්නට වූයේ ද එකිනෙකා කෙරෙහි වූ ප්‍රේමයේ නාමයෙනි.

NEWS

හෘද සූත්‍ | 18 වන සජ්ඣායනය | ක්ලියෝපැට්‍රාගෙන් මාර්ක් ඇන්තනීට

  • Date: 2022-01-18