Blog



දෙයක් කියන්නම් රිද්දගන්නෙපා හොඳේ. මෙහෙමයි ඔයා ගමනක් යද්දි ලස්සන ලස්සන කාන්තාවක් ලස්සන බබෙක් වඩාගෙන  ඉන්නවා, ඔයා ඉතිං ඒ බබාට එක එක කෝලම් දාල එයාව වඩා ගන්නව. එයා එක්ක පිංතූරත් ගන්නවා. ඇයි ඒ එයා ලස්සන නිසා. ඔයා ඔය විදියටම පාරෙ යද්දි තවත් ඒ වයසෙම බබෙක් වඩාගෙන අම්මෙක් පාරෙ හිඟා කනවා. ඔයා මොනා කරයිද. මුකුත් කරන්නෙ නෑ. නොදැක්ක ගානට යනවල්වා. ඇයි ඒ අප්පිරියයිනේ, කැතයිනෙ. එයාගෙ ඇඟේ දූවිලි. අයියෝ මොන විෂබීජ ඇඟේ තියනවද දන්නෙ නෑනෙ. කොහෙන් එනවද, කවුද දන්නෙ නෑ නේද, බොරුවට හිඟා කනවා කරන්න දේවල් නැතුවැති  ... ඔයා එහෙම නොහිතුවොත් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ. ඇත්තටම  ඔයා දෙවියන්ටත් වඩා උසස් වෙන්න ඕනි මං හිතන්නෙ. අනේ ඔයා එහෙම වෙයිද?. නෑ නේද යාලුවා. තවත් උදාහරණයක් කියන්නද? හිතන්නකො ඔයාට ඉන්නෙ ලස්සන බූල් බලු පැටියෙක්. අනේ දැක්කමත් ආසාවෙ බෑ. බලන්නම ආසාව. ඉන්නෙ ගේ ඇතුළෙ. ඔයාගෙ කාමරේ ඇඳ උඩ වෙන්නත් පුලුවන් . ඔයා එයාට මඩ ගොඩේ යන්න දෙන්නෑ. ආස කෑම ජාති, එයාට ඕනි කරන බෙහෙත් ජාති, කොටින්ම කිව්වොත් එයාට ඕනි හැම දෙයක්ම ඔයා හරි ආසාවෙන් ගෙනත් දෙනවා. ඔන්න දවසක ඔයාගෙ ලස්සන ගෙදර දොර ඇරල තියෙන වෙලාවක මුළු ඇඟම තුවාල වෙච්ච , සැරව බේරෙන, කකුලකුත් නොන්ඩි ගහන ඔයාට අනුව ගොඩාක් කැත ගඳ බල්ලෙක් ගෙදරට රිංගල ඔයාගෙ ලස්සන කාමරේ ඇඳ යට ඉන්නව. ඔන්න ඔයාගෙ ගෙදර කෙනෙක් කියනව ඔයාට එහෙම. ඔයා මොකද කරන්නෙ. ඔයාට එවෙලෙ මොන වගේ හැඟීමක් එයිද ? " ඕකව අද මං....... " කියල ඔයා යන්නඛොඳ තඩි පොල්ලක් ගේන්න. ගේ දොර  දෙපැත්තෙන්ම වහගෙන අනේ අර අහිංසකයට තඩි බානවල්වා. ඇයි ඒ. ඔයාගෙ ලස්සන ගේ ඇතුළට ආව වරදට...හා එහෙම නොකර ඔයා ඌට බෙහෙත් දානව ද? නැත්නම් අර ඔයාගෙ ශෝයි බලු පැටියට වගේ ආදරෙන් සලකනව ද? නෑනෙ යාලුව. ඔයා අනිවාර්‍යෙන් ඒකව මැරුවෙ නැතත් නොමර මරයි.න්න ඒකයි අපේ සමාජය. බහුතරය එහෙම නොවෙන්න පුලුවන් ඒත් 99% ක්ම එහෙමනේ ?  මනුස්ස අපි ඇත්තටම සාධාරණ ද? මනසින් උසස් මනුස්සයා නේද වැරදි පුලුවන් තරම් කරන්නෙ.  ලස්සන, සල්ලි , බලය මේ හැමදේම තියෙන තැනට තමයි හැමදේම ආකර්ෂණය වෙන්නෙ. එහෙම නැත්නම් ඇයි මිනිස්සු ඔච්චර ආත්මාර්ථකාමී.  මිනිස්සුන්ට ඕනි නිතරම පංචේන්ද්‍රියන් පිනවන්නටලුනෙ' බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ  එහෙම. ඒත් ඇත්තටම අපි අපේ සතුට ගැන හිතුවත් ඇයි අනුන් ගැන හිතන්න බැරි, කොච්චර නම් අසාධාරණකම් වෙන මිනිස්සු සත්තු මේ ලෝකෙ අසරණ වෙලා ඇද්ද. හිතන්නකො ඔයා අර කලින් තත්ත්වෙ හිටියනම් ... අපෝ එහෙම හිතන්නවත් බෑ මට නම් ඊයා... එහෙම හිතයි දැන් ඔයා. යාලුවා. අන්නෙකයි අද හොඳින් ඉන්න ඔයා හෙට ඒ තැන ඉඳී ද කියන්න බෑ. ඒ නිසා කවදාවත් සල්ලි , ලස්සන , බලය තියෙන තැනට යන්නෙපා, ඔයා ඔයාම වෙන්න. තියෙන දේ ගාවට නෙවෙයි ඔයා දෙයක් කරන්න තවත් කෙනෙක් , අසරණයෙක් වෙනුවෙන් . ඔයා ළඟ හැමදේම තියේවි. ඔයා වටේ හුගක් අය ෛඬ්ගී. ඔයාගෙ නම ලෝකෙ පුරාම කියවෙයි. බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ අපි හදවත් ඇතුළාන්තෙන්ම පුදන්නෙ උන් වහන්සේලාගේ පරම ක්‍රියාවේ සත්‍යවාදී බලය නිසා. නිතරම තමන් උසස් යැයි නොහිතා ඕනෑම පුද්ගලයෙකුගෙන් ඔබට යමක් ඉගෙනීමට ඇති බව සිතා කටයුතු කරන්න. සමාජයට ගරු කරන්න. එවිට ඔබටත් ගරු බුහුමන් ලැබෙනවා සත්තකි.

NEWS

හිතට දැනෙන දේ | තිත්ත ඇත්ත....

  • Date: 2022-01-26