විභව නවක සාමාජිකත්වය
දැන් විවෘතයි.
එකී මෙකී සියලු දක්ෂතා ඔස්සේ ඔබේම නිර්මාණයක් ඉදිරිපත් කිරීමට ඔබ සූදානම් ද? 🏆
එකී මෙකී සියලු දක්ෂතා ඔස්සේ ඔබේම නිර්මාණයක් ඉදිරිපත් කිරීමට ඔබ සූදානම් ද? 🏆
1) මෙම සමූහය තුළ සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සියලු ම සාමාජික සාමාජිකාවන් බැඳී සිටී.
2) සමූහය තුළ යමෙකු වාචික හෝ මානසික වශයෙන් හිංසනයකට ලක් වන අදහස් පළ වී ඇත්නම්, එවැනි අදහස් පූර්ව දැනුම්දීමකින් තොර ව ඉවත් කිරීම සහ වාරණය කිරීම කරනු ලැබේ.
3) ජාතිය, ආගම, සංස්කෘතිය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ පුද්ගල අනන්‍යතාවය සම්බන්ධයෙන් යම් පාර්ශ්වයක් අගතියට පත වන ආකාරයේ අදහස් දැක්වීම්වලට අවසර නැත. එවන් අදහස් පූර්ව දැනුම්දීමකින් තොර ව ඉවත් කිරීම සහ වාරණය කිරීම කරනු ලැබේ.
4) සමූහය තුළ සාමජිකයින්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ලෙස හැසිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම නො කළ යුතු ය.
5) සමූහය තුළ අදහස් දැක්වීමේ දී, නිර්මාණයක් අගය කිරීමේ දී හෝ විවේචනය කිරීමේ දී මෙන් ම ඒවාට ප්‍රතිචාර දැක්වීමේ දී ද වඩාත් ශිෂ්ට සහ ආචාර සම්පන්න ලෙස භාෂාව හැසිර විය යුතු ය.
6) සමූහය තුළ පළ වන කිසිදු නිර්මාණයක් මුල් හිමිකරුවන්ගේ අවසරයකින් තොර ව උපුටා ගැනීම, වෙනත් පුද්ගලයන් හෝ සමූහයක් වෙත බෙදා හැරීම හෝ වෙනත් ආකාරයකින් සමාජ මාධ්‍යවල පළ කිරීම සිදු නො කළ යුතු ය.
7) පීඨ අතර සුහදතාවය බිඳ හෙලන ආකරයට හැසිරීම, අදහස් ප්‍රකාශ කිරීම සිදු නො කළ යුතු ය.
8) මෙම සමූහයේ යම් නීතියක් හෝ රෙගුලාසියක් කඩ වන අවස්ථාවක හෝ, සමූහයේ හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට අගතියක් සිදු වෙතැයි සාධාරණ සැකයක් ඇති වන අවස්ථාවක, ඒ පිළිබඳව විධායක මඬුල්ල (admin panel) වෙත දන්වා සිටීමට සමූහයේ සාමාජිකත්වය බැඳී සිටී.
9) යම් කිසි පළ කිරීමක් සම්බන්ධයෙන් මෙම සමූහයේ විධායක කමිටුවේ තීරණය අවසන් තීරණය විය යුතු ය.